රෂිකා හෙන්නායක ජුනි 21,කොළඹ LNW :
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා A සහ ඉන්දීය A කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 377ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් වෛභව් සූර්යවංශි පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 94ක් ලබාගත් අතර තිලක් වර්මා අර්ධ ශතකයකින් දායකත්වය ලබා දුන්නේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුගදාස් මදුලන්, රවිඳු ප්‍රනාන්දු සහ වන්ජු සහන් කඩුලු දෙක බැගින් දවාගනිමින් දක්ෂතා දැක්වූහ.
ඒ අනුව, මෙම තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 378ක අසීරු ඉලක්කයක් හඹා යෑමට සිදුව ඇත.


