බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාමා හෙට ධුරයෙන් ඉවත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරයි ?

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා හෙට(22)ධුරයෙන් ඉල්ලා අස් වීමේ දිනයක් ප්‍රකාශයට පත්කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, පසුගිය සතියේ වයඹදිග එංගලන්තයේ මේකර්ෆීල්ඩ් ආසනය ප්‍රකාශිත ඡන්ද 45,510 න් 55% කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් තීරණාත්මක ලෙස දිනා ගත් මහා මැන්චෙස්ටර් හි නගරාධිපති බර්න්හැම්, මන්ත්‍රී මණ්ඩලයේ නීති සම්පාදකයෙකු ලෙස හෙට(22) දිවුරුම් දීමට සමගාමිව ස්ටාමා ඉවත්වන දිනයක් ද ප්‍රකාශ කරනු ඇත.

කම්කරු පක්ෂ මන්ත්‍රීන් අවස්ථා ගණනාවකදී ස්ටාමාට ඉවත්වන ලෙස ඉල්ලා සිටියද මැන්චෙස්ටර් නගරාධිපති බර්න්හැම්ගේ ජයග්‍රහණය මේ වන විට තීරණාත්මක සාධකයක් වී ඇති අතර කම්කරු පක්ෂ මන්ත්‍රීන් ඔහුවටා එක්රැස් වෙමින් සිටින අතර ස්ටාමාට මෙවන් විට බහුතරය අහිමිව ගොස් තිබේ.

ස්ටාර්මර් ඉල්ලා අස්වුවහොත්, පසුගිය වසර 10 තුළ ධුරයෙන් ඉවත් වන හයවන අගමැතිවරයා ඔහු වනු ඇති අතර 2024 ජූලි මාසයේදී ස්ටාමා මධ්‍ය-වාම පක්ෂය දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ආණ්ඩුව පිහිට වූ අතර පොරොන්දු වූ ආර්ථික වර්ධනයක් ලබා දීම, අබලන් වූ මහජන සේවාවන් අලුත්වැඩියා කිරීම සහ ජීවන වියදම ලිහිල් කිරීමට ඔහු අරගල කර ඇති අතර, එක්සත් ජනපදයේ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සමීපතමයකු වශයෙන් සොයාගත් පීටර් මැන්ඩෙල්සන් එක්සත් ජනපදයේ එක්සත් රාජධානියේ තානාපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය ඇතුළු නැවත නැවතත් වැරදි පියවරයන් නිසා ඔහු පීඩාවට පත්ව ඇත.

කම්කරු නීති සම්පාදකයින් මංමුලා සහගතව සිටින අතර, මාස ගණනාවක් තිස්සේ අගමැතිවරයා කෙරෙහි අතෘප්තිය ගොඩනැගී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...