වී මිල අඩුයි කියා උද්ඝෝෂණය කරන සමහර ගොවි නායකයින් කසිප්පු කාරයෝ – පොලොන්නරුවේ රාජ්‍ය නායකයා සැරවෙයි

වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව පවසමින් මේ දිනවල උද්ඝෝෂණය කරන ඇතැම් ගොවි නායකයින් යැයි කියාගන්නා අය ගම්වල කසිප්පු පෙරන ජාවාරම්කරුවන් බවත් ඔවුන්ගේ කුප්‍රකට තොරතුරු ඉදිරියේදී ජනතාවට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“වී මුදලාලිලා ගාව විශාල ප්‍රමාණයක් තියෙනවා. ගොවියෝ ගාවත් පොඩ්ඩක් තියෙනවා, ගොඩක් නෑ. ගොවියන්ගෙ වී මිලදී ගන්න කියලා වී අලෙවි මණ්ඩලය විවෘත කළොත් මුදලාලිලා 120 ට දෙනවා. ඒ නිසා දැන් මිලදී ගන්න බෑ, නැවත කපන වෙලාවේ තමයි ආයෙත් අපිට වී මිලදී ගන්න වෙන්නෙ. අරලගංවිල ටවුන් එකේ මේ වගේ පොඩි පිරිසක් තියාගෙන – 30ක්වත් නෑ – කිංස් නෙල්සන් මහත්තයා එතෙන්ට වැඩම කරලා උද්ඝෝෂණයක් කළා. ඒගොල්ලො හිතාන ඉන්නෙ දැන් ගොවියො බහින්න හදන්නේ සජබෙ ආණ්ඩුවක් හදන්න, යූඑන්පී ආණ්ඩුවක් හදන්න, ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවක් හදන්න කියලා. ජනතාවට එහෙම අමාරුවක් නෑ. ජනතාවගේ ප්‍රශ්නය ආණ්ඩුවට කියනවා, ඒක අපිට තේරෙනවා. අපි ඒ ප්‍රශ්නවලට උත්තරත් හොයනවා. සජබෙ යූඑන්පියේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල ඉන්න ඒගොල්ලොන්ගෙ ගමේ ගොවියාගෙ ප්‍රශ්න විසඳන්න බැහැ. එතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. දැන් අපි ඉස්සරහට ඔය ගොවි නායකයින් කියන අයගේ කුප්‍රකට දේවල් ඉස්සරහදී හෙළිකරනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවල ඉන්න මහත්තුරු මතක තියාගන්න ඒගොල්ලො මේ රජයෙන් භුක්ති විඳින ප්‍රමාණය අපි ජනතාවට කියනවා. සමහර ගොවි නායකයො කියලා ඉන්න අය ඔය ඔය වෙන දූෂණ කරන අය. සමහර අය කසිප්පු පෙරනවා ගම්වල. ඉතින් ආණ්ඩුව පෙරළාගන්න ඕනෙ, ඇයි ඒ ? ඒවාට සහයෝගය ගන්න ආණ්ඩුවක් හදාගන්න”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලගංවිල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ටොයෝටා සමාගම විසින් ඇමරිකා...

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...