දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීමට තම සමාගම පරිත්‍යාග කළ ධානපති​යා

Date:

පැටගෝනියා සමාගමේ ප්‍රකෝටිපති හිමිකරු වන Yvon Chouinard තම ව්‍යාපාරය ලාභ නොලබන පාරිසරික භාරයකට පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරිත්‍යාග කිරීමෙන් පසු පැටගෝනියා සමාගම විසින් එළිමහන් ඇඳුම්, කඳවුරු බැඳීම් සඳහා අවශ්‍ය ආම්පන්න සහ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය දිගටම කරගෙන යනු ඇත. නමුත් මෙයින් පසු සමාගම ලබාගන්නා සියලු ලාභ දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීමට සංවිධාන වෙත යවනු ඇත.

සමාගමේ නිර්මාතෘ Yvon Chouinard මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ “මට කිසි විටෙකත් ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය නොවීය” යන වගයි. ඔහු තවදුරටත් පැවසුවේ තමා මුලිම අත්කම්ශිල්පියකු ලෙස කටයුතු කළ බවත් පසුව ඔහු හා ඔහුගේ මිතුරන්ට කදු නැඟීමට අවශ්‍ය ආම්පන්න නිර්මාණය කිරීම හිලා ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ බවයි.

“ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සහ පාරිසරික විනාශයේ තරම සහ එයට අපගේම දායකත්වය අපට වැටහුණ විගසම, අප පැටගෝනියා ව්‍යාපාරය තුළ කටයුතු සිදු කළ ආකාරය පරිසර හිතකාමී ලෙස වෙනස් කිරීමට තීරණය කළෙමු” ඔහු කියා සිටියේය.

මීට පෙර, පැටගෝනියා විසින් සෑම වසරකම විකුණුම් වලින් 1% ක් ලබා දී ඇත. 2018 පැටගෝනියා සමාගම ඔවුන්ගේ ව්‍යාපාරයහි වෙනස්කම් සිදු කළේ: “අපි අපේ ගෙදර ගෙදර වන් ග්‍රහලෝකය සුරැකීමට ව්‍යාපාරයේ යෙදී සිටිමු.” මැයෙනි. නමුත් දැන් Chouinard පවසන්නේ එයද ප්‍රමාණැවත් නොවන බවයි.

Chouinard මහතා පැවසුවේ සමාගම විකිණීම සහ ලාභය පරිත්‍යාග කිරීම හෝ කොටස් වෙළඳපොලේ ප්‍රසිද්ධියට පත්වීම යන කරුණු පැටගෝනියා සමාගමේ සිය ක්‍රියාකාරී භූමිකාව දිගටම කරගෙන යන බව සහතික නොකරන බවයි.

පසුගිය වසර කිහිපයක සිටම පැටගෝනියා සමාගම දේශගුණික ගැටළු සම්බන්ධයෙන් වඩාත් විවෘතව කතා කරන සමාගමක් ලෙස ඉතා ප්‍රචලිතය. 2018 දී සමාගම කියා සිටියේ ඔවුන් ජනාධිපති ට්‍රම්ප්ගේ බදු කප්පාදුවෙන් ලැබෙන සියලුම මුදල් පාරිසරික හේතූන් සඳහා පරිත්‍යාග කරන බවයි. ඊට වසරකට පෙර, 2017 දී, සමාගම ෆෙඩරල් රජය විසින් Utah හි Bears Ears and Grand Staircase-Escalante ජාතික ස්මාරක භූමි ප්‍රමාණය අඩුකිරීමට විරුද්ධව නඩුවකට පවා සම්බන්ධ වී ඇත.

ඉලෝන් මස්ක්, මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස්.. යනු තම අතිවිශාල ධනස්කන්ධයෙන් ලොවක් හෙලවූ මිනිසුන් බව සැබෑය. ඔවුන්ගේ වෘත්තීය ජීවිත අරමුණු මෙලොව පමණක් නොව අභ්‍යවකාශ ග්‍රහලෝක අල්ලා ගැනීමට තරම් ඈතට දිවයනු ඇති. ඔවුන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් කළ හැකි නම් තව බොහෝ ඇත.

එහෙත් තවමත් මානව වර්ගයාගේ බුද්ධියට ගෝචර නොවූ නිහඬ මාරයකු ලෙස දිනෙන් දින ළඟා වන දේශගුණික අර්බුදයට එරෙහිව සටන් වැදීමට, තමා ජීවත් වන මේ පුංචි සාගර-ගොඩබිම් ගෝලය රැකගැනීමට, තමා සතු සමාගම මුළුමනින්ම පරිත්‍යාග කරන Chouinard වැනි මිනිසුන්ගෙන් උගනීමට අපට ඇති දෑ බොහෝය..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...