පාස්කු ඉරුදින ප්‍රහාර විමර්ශනවලට කාර්දිනල්වරයාගේ මැදිහත්වීම, ආගමික නායකත්වය පිළිබඳ විවාදයක් උද්ගත කිරීමක්?

සටහන: Adolf ගේ ඉංග්‍රීසි සටහන ඇසුරෙන් පරිවර්තනය – පුලී

ජූනි 22, LNW (කොළඹ):

කාර්දිනල්වරයාගේ ප්‍රතිරූපය හා වර්තමාන විවාදයන්!

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට විවිධ ආණ්ඩු පද්ධති හරහා ඔහු අඛණ්ඩව මැදිහත් වීම නිසා කාර්දිනල්හිමිගේ නාමයට කළු පැල්ලමක් ඇතිවී ඇත. දැන් දැන් ඔහුට ප්‍රහාර පිළිබඳ පෙර දැනුමක් තිබුණා යැයි දෝෂාරෝපණද ඉදිරිපත් වෙමින් පවතී. එය ඔහුගේ පිළිගැනීමට තවත් හානියක් කරන චෝදනාවකි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සිට මේ වන විට අනුර කුමාර දිසානායක දක්වා ඔහුගේ දේශපාලන මැදිහත්වීම් ජනතාව අතර දැඩි අසතුටක් ඇති කර ඇත. සිරිල් ගාමිණී පියතුමන් වැනි ඔහුගේ සමීප සහචරයන් සමඟ එක්ව උන්වහන්සේ මාධ්‍ය සාකච්ඡා පවත්වා දැඩි ප්‍රකාශ නිකුත් කිරීමත්, අත්අඩංගුවට ගැනීම් සැමරීමත් දැකගත හැකි විය. මෙවැනි හැසිරීම් ආගමික නායකයකුට අකැපය.

දේශපාලන මැදිහත්වීම් පිළිබඳ රටාව!

ඔහු ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වා සිටීමත්, දැන් අනුර කුමාර දිසානායක සමඟ සම්බන්ධ වීමත් ශ්‍රී ලාංකිකයන් ආගමික නායකයකුගෙන් අපේක්ෂා කරන දේට සම්පූර්ණයෙන් විරුද්ධය. ආගමික නායකයන්ගේ කාර්යය පක්ෂපාති දේශපාලනයට කඩේ යාම හෝ ජාතික විපත් තුළ තමන්ගේ ගති ප්‍රදර්ශනය කිරීම් නොව මිනිසුන් එක්සත් කිරීම, නිවැරදි මාර්ගෝපදේශයන් ලබා දීම සහ පැහැදිලි දැක්මක් ලබාදීමය.  එතුමන් සහ එතුමාගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම් ගැන සතුටින් ප්‍රතිචාර දක්වන විට එය ජාතික ඛේදවාචකයක් නාට්‍යමය දර්ශනයක් ලෙස සලකන බව පෙනේ. වින්දිතයන්ගේ පවුල්වලට අවශ්‍ය වන්නේ යුක්තියය, දේශපාලන නාට්‍ය නොවේ. 

කාර්දිනල්වරයාගේ මාධ්‍ය සාකච්ඡා දැන් ආගමික මඟපෙන්වීමකට වඩා දේශපාලන රැලියකට සමාන වී ඇත. FBI ආයතනයම තවදුරටත් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර තිබියදී, දෙවන FBI පරීක්ෂණයක් කාර්දිනල්වරයා ඉල්ලා සිටීම ගැටලුකාරී ප්‍රශ්න මතු කරයි. ලෝකයේ ප්‍රධානම පරීක්ෂණ ආයතනයක් තවදුරටත් අවශ්‍යතාවක් නොමැති බව කියද්දී, ඔහු එය ඉල්ලා සිටියේ ඇයි? එහි අරමුණ සැබෑ යුක්තියද, නැත්නම් දේශපාලනිකව නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කිරීමද?

නෛතික බලය අහිමිවීම!

ආගමික නායකයකුගේ නෛතික බලය රඳා පවතින්නේ පක්ෂපාති දේශපාලනයෙන් දුරස්ථව සිටීම මතය. 

කාර්දිනල්වරයා එම මූලික නීතිය අත්හැර දමා ඇත. ඔහුගේ සන්ධාන, ප්‍රකාශ සහ ප්‍රසිද්ධ හැසිරීම් ආගමික මඟපෙන්වීමට වඩා දේශපාලන ගණනයක් ලෙස පෙනේ. ඔහු මිනිසුන්ගේ නිරීක්ෂණය යටතේ සිටින්නේ එක්සත්කම සහ කරුණාව නියෝජනය කළ යුතු පුද්ගලයෙකු වෙනුවට බෙදීම හා සැකය ඇති කරන පුද්ගලයෙකු ලෙසය. ඔහුගේ නිරන්තර දේශපාලන මැදිහත්වීම් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ විශ්වාසය ද මේ වනවිට අඩාල කර ඇත.

නවීකරණයේ අවශ්‍යතාව!

කාර්දිනල්වරයා මේ වන විට විශ්‍රාම වයස ඉක්මවා ඇත. ඔහු තවදුරටත් එම තනතුරේ සිටීම ඔහු වටා ඇති විවාදය දිගු කරන්නක් ව හමාරය. ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවට අවශ්‍ය වන්නේ තම ආගමික ගෞරවය නැවත ස්ථාපිත කළ හැකි නව නායකයෙක් මිස දේශපාලන සම්බන්ධතා හරහා ගැටලු තවත් උග්‍ර කරන නායකයෙකු නොවේ. ලියෝ පාප් වහන්සේ සහ ගෝලීය සභාව ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවට නව මුහුණුවරක් ලබා දීම සුදුසුය. නව නායකත්වයක් තුළින් විශ්වාසය නැවත ගොඩනඟා, සම්බන්ධතා යළි සකස් කර, ආගමික මෙහෙවර වෙත අවධානය යොමු කළ හැක.

ඉදිරි දැක්ම!

කතෝලික සභාව ශ්‍රී ලංකාවේ ගෞරවනීය ආයතනයකි, එහි නෛතික බලය පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගී ඇත. එම විශ්වාසය එක් පුද්ගලයකුගේ දේශපාලන අභිලාෂයන් නිසා අවදානමට ලක් නොවිය යුතුය. කාර්දිනල්වරයාගේ මෑත ක්‍රියාකලාපය දැන් දැන් කතෝලික සභාවට විවේචන හා අවමානය ගෙන එමින් ඇත. 

පාස්කු ඉරුදින ඛේදවාචකය සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්කර සත්‍යය සහ යුක්තිය සෙවීමේ පොදු උත්සාහයකට යොමු කළ යුතුය. එම අරමුණ සාර්ථක වන්නේ පරීක්ෂණ ස්වාධීනව සිදුවීම, දේශපාලන මැදිහත්වීම්, ප්‍රසිද්ධ ප්‍රදර්ශන, ආයතනික පීඩන වැනි ක්‍රියාකලාපයන්ගෙන් තොරව සිදු වූ විටය. යුක්තිය පදනම් විය යුත්තේ පුද්ගලයන් මත නොව, සාක්ෂි මතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...