බහුතරය ඉන්නෙ මාත් එක්ක, මම වැඩ කරන්නෙ ඒ බහුතරය වෙනුවෙන් – ජනාධිපති

Date:

වත්මන් ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිටම කළයුතු නිවැරදි දේ පිළිබඳව තමා යෝජනා ඉදිරිපත් කළ බවත්, ඒ පිළිබඳව රටේ බහුතරයක් විස්වාස කළ බැවින් ඔවුන්ගේ සහයෝගයෙන් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමා කෙරෙහි විස්වාසය තැබූ බහුතර ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවයි ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන්නේ.

රාජ්‍ය ආයතන බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් හෝ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබීමෙන් හෝ වත්මන් අර්බුදයට විසඳුම් නොලැබෙන බව සියලු දෙනා තේරුම් ගතයුතු බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේ නම් අරගලකරුවන්, සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමෙන් අර්බුදය විසඳිය හැකිදැයි ABC මාධ්‍යවේදිනිය ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කඩාකප්පල්කාරීන්, නීතිය කඩකළ පුද්ගලයන් මිස සාමකාමී අරගලකරුවන් හෝ සාමකාමී ජනතාව නොවන බවයි.

ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත්, ඒ සියල්ල සිදුවන්නේ පොලීසිය හරහා මිස ආණ්ඩුවේ උවමනා එපාකම් අනුව නොවන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදිනියට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඔබ සුළුතර කණ්ඩායමක් වෙනුවෙන් ප්‍රශ්න කළද තමා පිළිතුරු ලබාදෙන්නේ බහුතර ජනතාව වෙනුවෙන් බවයි. බහුතර ජනතාවගේ යහපත වෙනුවෙන් තමා සහ ආණ්ඩුව සියලු තීන්දු තීරණ ගන්නා බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...