රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පනවා තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළේය.
2016 වසරේදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්රකාශයක් සිදුකරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ වැරදිකරු වී සිටියහ.
කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ලබා දී තිබූ මාස 9ක සිරදඬුවමකට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලූ කොළඹ මහාධිකරණය එම දඬුවම තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළේය.
පොලීසිය විසින් ගොනුකළ මෙම නඩුවේ තීන්දුව මගින් අවධාරණය වන්නේ ආගමික සහජීවනයට හානි වන අයුරින් ක්රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
අධිකරණ තීන්දුව මගින් ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් නීතියේ ස්වාධීනත්වය මෙහිදී ප්රදර්ශනය කර ඇත.


