වාස් ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

Date:

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා ගුණවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී ඉන්දික පුෂ්පකුමාර යන අය අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2009 වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි නිපුණ රාමනායක නම් සිසුවා පැහැරගෙන ගොස් පහරදී වධහිංසාවට ලක්කිරීම සම්බන්ධ නඩුව පෙරේදා (16) කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව ඇප මත නිදහස් කර සිටි ඉහත විත්තිකරුවන් දෙදෙනාව එදින අධිකරණය හමුවට කැඳවා තිබුණත් ඔවුන් එහි පෙනී නොසිටි බැවින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...