රෂිකා හෙහෙන්නායක ජුනි 29, කොළඹ LNW :
කොළඹ දිස්ත්රික්කයේ කසළ කළමනාකරණය අඩපණ වීම හේතුවෙන් ඩෙංගු රෝගය ශීඝ්රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති අතර, විශේෂයෙන්ම කඩුවෙල ප්රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්රදේශවාසීන් චෝදනා කරයි.
නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ඒවා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
වැසි සහිත කාලගුණය හමුවේ ගොඩගැසී ඇති අපද්රව්ය මඟින් රෝග වාහක මදුරුවන් බෝවීම වේගවත් වී ඇති බැවින් මහජනතාව දැඩි සෞඛ්ය තර්ජනයකට මුහුණ දී සිටිති.
පුද්ගලික මට්ටමින් වටපිටාව පිරිසිදුව තබා ගැනීමට ජනතාව උත්සාහ කළද, මහා පරිමාණ කසළ ඉවත් කිරීමේ රාජ්ය වගකීම පැහැර හැරීම මෙම අර්බුදය තීව්ර කර ඇති බව ජනතාව පවසයි. වැසි සහිත කාලගුණය සමඟ ඇතැම් ස්ථානවල කැළි කසළ වැසි ජලය සමඟ මිශ්ර වෙමින් පවතින බවද ඔවුන් පවසති.
එබැවින් වසංගත තත්ත්වයක් පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන කඩිනමින් මැදිහත් විය යුතු බව අවධාරණය කෙරේ.


