සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (29) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක් වේ.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382කි.
කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.



