මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07ක් සහ රැඳවියන් 19ක් මරුට !

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ දිනයේදී ආරවුලක් ඇතිවී තිබූ අතර ඊයේ සවස වනවිට තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබූ බවත් අද පෙරවරුවේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට ගෙන, ඔවුන්ට ආහාර ලබාදී, අධිකරණයට ගෙනයාම ඇතුළු එදිනෙදා රාජකාරි සඳහා සූදානම් වෙද්දී නැවත වතාවක් රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ බවත් එය පාලනය කිරීමට තැත් කළ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් දරුණු ලෙස පහරදී තිබුණු බවත් පැවසූ අමාත්යවරයා එම නිලධාරීන් බේරාගැනීම සඳහා ගිය අනෙක් නිලධාරීන්ට ද රැඳවියන් පහරදුන් බවත් එම තත්වය පාලනය කිරීම සඳහා අවම බලය භාවිතා කරමින් වෙඩිතැබීමක් සිදුවූ අතර එය බන්ධනාගාර නීතිවලට අනුකූල බවත් සඳහන් කළේය.

වත්මන් රජය බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන හෙයින් ඇතැම් රැඳවියන්ට එය වැළැක්වීමට වුවමනාවක් තිබූ බවත් මෙම ගැටුමට හේතුව එය විය හැකි යැයි සැක කරන බවත් පැවසූ අමාත්‍යවරයා හේතුව නිශ්චිතවම පැවසිය හැක්කේ විමර්ශන සිදුකිරීමෙන් පසුව බවත් පැවසීය.

හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...