ඉන්ධන තොග අවසන් – මුතුරාජවෙල පර්යන්තය වසා දමලා !

Date:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් මුතුරාජවෙල ඉන්ධන ගබඩා පර්යන්තය වසාදමා තිබෙනවා. ඒ, එහි ගබඩා කර තිබූ ඉන්ධන තොග අවසන්වීම හේතුවෙනි.

ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ මේ හේතුවෙන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇතැම් පිරවුම්හල් වෙත පවා ඉන්ධන නොලැබීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ වනවිට ඉන්ධන නිකුත් කිරීම කොලොන්නාව පර්යන්තයට පමණක් සීමා වී ඇති අතර එහි ඉන්ධන බෙදාහැරීම අතිශය මන්දගාමීව සිදුවන බවයි පිරවුම්හල් හිමියන් පවසන්නේ.

මේ වනවිට රටපුරා විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සාමාන්‍ය ප්‍රමාණයේ පෝලිම් නිර්මාණය වී ඇති අතර ඉන්ධන තොග නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වුවහොත් පෝලිම් තවදුරටත් වර්ධනය වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...