වසර හතරකට පසු හැරී කුමරුගේ දරුවන්, රජු සහ රැජින හමුවෙයි!

සටහන – පුලී

ජූලි 11, LNW (කොළඹ):  සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාර්කල්, ඔවුන්ගේ දරුවන් වන ආචී කුමරු සහ ලිලිබෙට් කුමරිය සමඟ චාල්ස් රජු සහ කැමිලා රැජින හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බකිංහැම් මාලිගය සිකුරාදා සවස තහවුරු කළේ, රජු සහ රැජින ග්ලොස්ටර්ෂයර්හි පිහිටි චාල්ස් රජුගේ පෞද්ගලික නිවස වන හයිග්‍රෝව් හවුස්හිදී මෙම පවුල පිළිගත් බවයි.

මාලිගය මෙම හමුව “පෞද්ගලික පවුල් හමුවක්” ලෙස විස්තර කර තිබේ.

මෙය චාල්ස් රජු සිය මුණුබුරු මිනිබිරියන් වන හත් හැවිරිදි ආචී කුමරු සහ පස් හැවිරිදි ලිලිබෙට් කුමරිය සමඟ මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව වන්නේ වසර හතරකට වැඩි කාලයකට පසුවය.

හැරී කුමරු සහ මේගන් යුවළ එක්ව එක්සත් රාජධානියට පැමිණ තිබුණේ 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.

හැරී කුමරු මෙම සතිය තුළ එක්සත් රාජධානියේ වැඩසටහන් කිහිපයකට සහභාගි වී තිබුණද, මේගන් සහ දරුවන් දෙපළ ඔහුගේ අවසන් දින දෙකේ කිසිදු ප්‍රසිද්ධ වැඩසටහනකට එක් නොවන බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Takata නිෂ්පාදිත වල දෝෂයක්: ටොයෝටා වාහන නැවත කැඳවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ටොයෝටා සමාගම විසින් ඇමරිකා...

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...