මීගමු බන්ධනාගාරයේ ගැටුමත් අපේ ආණ්ඩුව පෙරළන්න විපක්ෂයේ ටීම් එකක් කළ කුමන්ත්‍රණයක්දැයි සැකයි – සුරවීර

මීගමු බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බවත් මෙම ගැටුමට නායකත්වය දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලි විමර්ශනයක් දැනට ආරම්භ වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

ප්‍රශ්නය – සිරකරුවන්ටවත් ආරක්ෂාව දීගන්න බැහැ කියලා බරපතළ චෝදනාවක් තියෙනවා ?

“චෝදනාව කරන්නේ කවුද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනෙ. එහෙම නොබලා අපේ රටේ කුජීත විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කරන විවේචන පිළිබඳව අපි සැලකිල්ලට ගන්නේ නැහැ. මේ රටේ ජනතාවටම ඇත්තටම එපා වෙච්ච විපක්ෂයක් තමා අපේ රටේ දැන් තියෙන්නෙ. පොදුවේ ගත්තාම බන්ධනාගාර සිද්ධිය ගැන හැම කෙනෙක්ටම අපේ රටේ පොදු අදහසක් තියෙනවා. ගැටුම පිටිපස්සේ ඇත්තටම ඉන්න සැබෑ බලවේගය කවුද කියලා හොයන එක තමයි විමර්ශන කමිටු හරහා අපි හොයන්න බලාපොරොත්තු වෙන්නෙ. දැන් මේ වෙනකොටත් අහුමුළු අහුවෙමින් තියෙනවා. මේකට උඩගෙඩි දුන්නේ කවුද, යටින් මේ ගේම හරියටම ඇද්දේ කවුද, හරියටම මේකට නායකත්වය දුන්නේ කවුද කියන එක පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කරගන්න ඕන. ඒක මේ වෙනකොට සිදුකෙරෙමින් පවතිනවා. ඉදිරියේදී මේවා හෙළිකරන්න ඕනෙ රටට. මේ වෙද්දී අපේ රටේ පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ රට පාලනය කරපු පරණ කණ්ඩායම්වලට – දේශපාලනඥයින් විදියට ගත්තොත් දයාසිරිලාට, විමල් වීරවංශලාට, ඔය වගේ ගොඩක් අයට උණ ගැනිලා තියෙන්නෙ. අපි විශ්වාස කරනවා ඔය බන්ධනාගාර කේස් එකේ පෙනුමට වඩා ගැඹුර යටයි. ඒ නිසා අපේ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඒ රටට ද්‍රෝහී බලවේග සියල්ල අවසන් කරමින් එන ගමනක් තියෙන්නෙ”

“ආරක්ෂාව දෙන්න බැරිකමක වර්තමාන ආණ්ඩුව නැහැ. සමථයකට පත්වුණු ගැටුමක් නැවත ඇවිළිලා රාජ්‍ය සේවකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වෙන්න පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපි හොයන්න ඕනෙ. මොන ක්‍රියාමාර්ගයෙන් හෝ මේ ආණ්ඩුව වෙනස් කරන්න, බලය ලබාගන්න කැමැත්තෙන් පිරිසක් ඉන්නවා. අන්න එහෙම ටීම් එකක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට එක වෙලාවක උසාවිය කතා කරනවා, එතෙන්ට යන්න වෙනවා. ඒ නිසා බොහොම ඉක්මනින් මේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ සිද්ධ කරලා ආණ්ඩුව ගෙදර යවන්න කල්පනා කරන ටීම් එකක් ඉන්නවා. ඉතින් එවැනි ටීම් එකක් ඉද්දී සංවිධානාත්මක සිදුවීම් සිදුවීම වළක්වන්න බෑ”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...