ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි – එක්සත් ජනපදය නව ප්‍රහාර රැල්ලක් අරඹයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නැවත දැනුම් දෙන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ, කලාපයේ යුද උණුසුම තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අතර එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරී මණ්ඩලය (CENTCOM) සඳහන් කළේ, සයිප්‍රස් ධජය යටතේ ගමන් කළ වාණිජ නෞකාවකට ඉරානය සම්බන්ධ ප්‍රහාරයක් එල්ල වූ බවට චෝදනා කරමින්, එයට ප්‍රතිචාර ලෙස මෙම සතියේ තුන්වන වටයේ ප්‍රහාර ක්‍රියාත්මක කළ බවයි.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෙම සතියේ මුලදී ගල්ෆ් කලාපයේ වාණිජ තෙල් ටැංකි නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුවය. එමෙන්ම තුර්කියේ අන්කාරා නුවර පැවති නේටෝ සමුළුව අමතමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ පැවති සාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ.

ඒ අනුව, එක්සත් ජනපද හමුදාව ඉරානයට අයත් බව කියන ඉලක්ක 80කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති අතර, වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කළ බවට ටෙහෙරානයට චෝදනා කරමින්, ඉරානයට ලබාදී තිබූ තාවකාලික තෙල් සම්බාධක සහනයද අවලංගු කර තිබේ.

මේ අතර, ඉරානය ප්‍රකාශ කර ඇත්තේ ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් අනතුරුව එක්සත් ජනපදය විසින් සිදුකරන ඕනෑම “ආක්‍රමණයකට” දැඩි හා බරපතළ ප්‍රතිචාර ලබාදෙන බවත්, කලාපයේ පිහිටි තවත් ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවත් IRGC අවධාරණය කර තිබේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට මෙන්ම මැදපෙරදිග ආරක්ෂක තත්ත්වයටද දැඩි බලපෑම් එල්ල කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...