මේ වනවිට රටේ සංවර්ධන ව්යාපෘති කොතරම් ප්රමාණයක් ක්රියාත්මක වන්නේද යත් ගමකට ගියවිට පෙදරේරුවෙකු සොයාගැනීමට අපහසු තත්වයක් උද්ගත වී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්ය අමාත්ය ටී. බී. සරත් මහතා පවසයි.
“දැන් ගමකට ගියපුවාම බාස් කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒ තරම් වැඩ පටන් අරන් තියෙන්නෙ. මේ අවුරුද්ද අවසන් වෙලා ලබන අවුරුද්ද පටන් ගන්නකොට වෙල්ඩින් බාස්ලා, ඉලෙක්ට්රික් බාස්ලා වගේ වෘත්තීන් සඳහා 10,000 කට වඩා වැඩි ප්රමාණයක් පිටරටින් ගේන්න වෙන තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ තරම්ම වේගවත් සංවර්ධනයක් අත්පත් කරගෙන තියෙන්නෙ. කවුරු මොනවා කිව්වත් ඉන්දියාව, පාකිස්තානය වගේ රටවලුත් අබිබවා අපි තමයි දැන් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට. අපේ රට ඇතුළෙ දැන් ප්රශ්නයක් තියෙනවා නම් තියෙන එකම ප්රශ්නය ගොවීන් තුළ ඇතිකරන ලද ප්රශ්නයක්”
ටී. බී. සරත් නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ ප්රාදේශීය සංවර්ධන බැංකුවේ මැදිරිගිරිය ශාඛාව නව ගොඩනැගිල්ලකට ගෙනයාම වෙනුවෙන් පෙරේදා (13) පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.


