දශක හයක මෙහෙවර ඵල දරයි – දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට!

කොළඹ LNW:දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමග අද (15) ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

ඒ අනුව දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

නවීන Tunnel Boring Machine යන්ත්‍ර දෙකක් යොදාගෙන මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ අවසන් වන අතර, ඉංජිනේරු ක්ෂේත්‍රයේ එය “Tunnel Breakthrough” ලෙස හැඳින්වේ.

කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියෙන් පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල සහ මහ කන්න දෙකේම අස්වැද්දීම සඳහා ජලය සැපයීමට හැකියාව ලැබේ.

රජරට ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...