හිටපු අමාත්ය එස්. බී. දිසානායක මහතාගේ සොහොයුරෙකු වන හිටපු පළාත් සභා මන්ත්රී ජයලත් බණ්ඩාර දිසානායක මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, සුරාබදු බලපත්රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීමේ චෝදනාවකට අදාළව ය.
ඔහුව ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්රදේශයේදී මධ්යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අද (15) දිනයේදී නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.


