ගල්ෆ් කලාපයේ යළි ඇරඹි යුද ගැටුම් පිළිබඳ චීනයේ දැඩි කනස්සල්ල

කොළඹ LNW:ගල්ෆ් කලාපයේ යළි ආරම්භ වූ යුද ගැටුම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එහි ප්‍රකාශක Lian Jian මහතා ඊයේ(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා.

සාමය සහ ස්ථාවරත්වය සඳහා වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රබල ඉල්ලීම්වලට අවනත වන ලෙසත්, තාර්කිකත්වයෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් සටන් විරාමය සහතික කරන ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න වෙරළබඩ රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට අදාළ සියලුම පාර්ශ්වයන් ගරු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වනවා.

එමෙන්ම සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය සහ ආරක්ෂිත ගමනාගමනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අභිලාෂය බවත් Lian Jian මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...