රාජ්ය යාන්ත්රණයේ දිසාපතිවරුන්, ප්රාදේශීය ලේකම්වරුන්, ග්රාම නිලධාරීවරුන් ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් කියන ආකාරයෙන්ම වැඩ නොකරන නිසා ඔවුන් වෙනුවට සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් රාජ්ය යාන්ත්රණයට අන්තර්ග්රහණය විය යුතු බව නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පවසයි.
ජාතික ජන බලවේගය මේ බලය ලබාගෙන සිටින්නේ දිගටම බලයේ සිටීමට බවත් වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට බලයට පැමිණීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා අවධාරණය කළේය.
“මේ ඇවිල්ලා තියෙන්නෙ ආයෙ කාටවත් දෙන්න නෙවෙයි. අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා, තාම රාජ්ය බලය අපි අරගෙන නෑ. ග්රාමසේවක අපි කියන විදියටම වැඩේ යනවාද සමහර තැන්වල ? ප්රාදේශීය ලේකම් අපි කියන විදියටම වැඩේ යනවාද ? දිසාපති අපි කියන විදියටම වැඩේ යනවාද ? නෑ … එහෙම නම් මොකක්ද වෙන්න ඕනෙ ? අන්න මෙතන ඉන්න කෙල්ලො කොල්ලො රාජ්ය යාන්ත්රණයට එන්න ඕනෙ. ලංකාවේ පළවෙනි වතාවට මුදුනට අත තියලා තියෙනවා. සියලු දෙනා කලබල වෙලා තියෙන්නෙ. කවදාවත් ඒගොල්ලො හිතුවෙ නෑ එහෙම. පරාදයි රනිල්ලා, ඒත් විනාශ වෙලා නෑ. පරාදයි සජිත්ලා, විනාශ වෙලා නෑ. පරාදයි නාමල්ලා, විනාශ වෙලා නෑ. අන්න ඒ විනාශ නොවුණු පිරිස දැන් තැන්තැන්වල නටන්න පටන් අරගෙන තියෙනවා. අපි මොකක්ද කරන්න ඕනෙ ? දේශපාලනිකව විනාශම කරලා දාන්න ඕනෙ”
එරංග ගුණසේකර මහතා මේ බව පැවසුවේ පසුගියදා (12) මහරගමදී පැවති සමාජවාදී තරුණ සංගමයේ යූත් සමිට් වැඩසටහන අමතමිනි.


