*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/21

1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී තුන්වන චාල්ස් රජු හමුවෙයි. – එක්සත් රාජධානියේ සිටින ඩයස්පෝරාව ද මුණගැසී රට තුළ නව ආයෝජන අවස්ථා ඇති කිරීමට ඔවුන්ට ද ආරාධනා කරමින් “බංකොලොත්භාවයට” එරෙහිව සටන් කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ප්‍රකාශ කරයි.

2.  අප්‍රේල් 8 වැනි දින මහ බැංකුව සිය ප්‍රතිපත්ති අනුපාත සියයට 7 කින් ඉහළ දැමීමෙන් පසු මාස ​​5 කට වැඩි කාලයක් තුළ රජයේ පොලී වියදම රු. බිලියන 398 තරම් අති විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයහු පවසති. – භාණ්ඩාගාර බිල්පත් පොලිය මත අමතර වියදම රු. බිලියන 99; භාණ්ඩාගාර බැඳුම්කර මත අමතර වියදම රු. බිලියන 299; රාජ්‍ය මූල්‍ය හිඟය දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙති.

3. බදු පැහැර හරින්නන් සහ බදු පැහැර හැරීමට අනුබල දෙන උපදේශකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිති.

4. ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමානුකූල සහ සහනදායී විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන මෙන් ත්‍රෛනිකායක මහනාහිමිවරු ඉල්ලා සිටිති. ආගමික ස්ථාන 48,682 කින් 12,586 කට පමණක් මසකට රුපියල් 3,990 ට වැඩි විදුලි බිල් සඳහා අය කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

5. රජයෙන් අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ නිලතල ඉවත්කරන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

6. ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. – සැප්තැම්බර් 16 වැනි දින IMF වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ සහාය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවක ඔවුන් නියැළී සිටි බව වාර්තා වේ.

7. සංචාරක ඉපැයීම්, 2021 වර්ෂයේ පැවති ඩොලර් මිලියන 63 සිට 2022 වර්ෂයේ පළමු මාස ​​8 තුළ ඩොලර් මිලියන 893 දක්වා වැඩි වෙයි. – රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 200 සිට රු. 365 දක්වා අවප්‍රමාණය වූව ද, සේවක ප්‍රේෂණ 2021 වර්ෂයේ පැවති ඩොලර් මිලියන 4,224 සිට 2022 වර්ෂයේ පළමු මාස ​​8 තුළ ඩොලර් මිලියන 2,215 දක්වා අඩු වී ඇත.

8. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහ බැංකු අධිපතිධුරය හෙබවූ 2006 – 2014 කාලසීමාව තුළ ශ්‍රී ලංකාව එදා මෙදා තුර හොඳම වර්ධනය සහ අනෙකුත් සාර්ව-ආර්ථික දර්ශක වර්තා කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි – ඔහු මහ බැංකු අධිපතිවරයා වශයෙන් ගත් සියලු තීරණ නීත්‍යානුකූල සහ අව්‍යාජ බවත්, තම සේවාදායකයාට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අත්තනෝමතික, සන්තාපකාරී සහ ද්වේශසහගත ඒවා බවත් පවසන ජනාධිපති නීතීඥවරයා ඒවා තවදුරටත් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන මෙන් ඉල්ලා සිටියි.

9. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට අදාළව බැඳී ඇති බැවින් රටේ ඒකීයභාවය අනතුරේ විය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි – රට බංකොලොත්භාවයට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති බැවින් බටහිර රටවල්වල බලපෑම එල්ලවනු ඇතැයි ද අනතුරු අඟවයි.

10. සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු ටොම් මූඩි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති ගිවිසුම අන්‍යෝන්‍ය එකඟතාවයෙන් යුතුව අවසන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan