මම දිව්‍යලෝකයෙන් ආපු කෙනෙක්. විපක්ෂයේ ඉතුරු දේශපාලනයත් ඉවරම කළ යුතුයි – ඇමති අරුණ මාලිමාවේ විශ්‍රාමික හමුදා සාමුහිකයට කියයි

විපක්ශයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය එකතුවී ඉවරම කර දැමිය යුතු බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කරයි.

“2024 අවසානයේ මැතිවරණ දෙකෙන් අපි පළවාහැරියේ කාවද කියන එක හොඳින් වටහාගත යුතුයි. මේ ලෝකයේ සිටින දරුණුතම සංවිධානාත්මක අපරාධ හා ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ඒ සියලුම මහා අපරාධවලින් සමන්විත වූ අපරාධ ජාලයකින් සමන්විත දේශපාලන අධිකාරියක්. ඒවා එකින් එක ගලවන්න අපිට සිද්ධ වුණා. ඒ විපක්ෂය අපි පරාජය කරලා ඉවරයි. නමුත් අපි ඉතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතුව ඇත. මෙතන ඉන්න කවුරුහරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාත් එක්ක තරග කරන්න ඉන්න කවුරුහරි ඉන්නවා නම් කියන්න. එන්න ඉන්න නායකයෙක් ? නැගී එන නායකයෙක් ? ඉන්න නායකයෙක් ? වෙන පක්ෂයක් තියෙනවා නම්, ව්‍යාපාරයක් තියෙනවා නම් මේ ජාතික ජන බලවේගයත් එක්ක මුහුණට මුහුණට තරග කරන්න ඉදිරියේදී තියෙන ඕනෙම මැතිවරණයකදී ඉන්නවා නම් කියන්න. එහෙම නම් මේ මම වගේ, අරුණ ජයසේකර වගේ හොඳ, උඩින්, දිව්‍යලෝකයෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනෙ. ආයෙ නෑ කවුරුත්. ඒ තරම් දුරට දේශපාලනයේ ඔවුන්ගේ ඉවර කර හමාරයි. දැන් අපි මේ අද හම්බවෙලා තියෙන්නෙ මොකටද ? ඔබලා අපි එකතුවෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි”

විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (19) හෝමාගමදී පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...