වැඩපල අහවරව
ගිමන් හරින මොහොතක
රිදී රේඛාවක්ව
දිග හැරේ මතකය.
මතක තියාගන්නටවත් නොතරම්
කුඩා සොම්නස් අවස්ථා
ළය පැලෙතැයි පවා සිතුනු
දැන් හිනායන දෝමනස්ස.
රැයවල් එලි කෙරුණු ප්රේමාලිංගන
යළි යළිත් ජප කල පොරොන්දු
එක්ව ඇසූ ගීතිකා
වෙන්ව හෙලූ සුසුම්.
හරියටම මේ වෙලාවට
ඔබ අවදිව සිටිනවා නම්
මා එවූ මුද්දර ගැසූ කවරයෙහි
හාදුවක් බහා එවන්න.
ලිපිනය එමමයි
වැව පාර,කුරුණෑගල.
වෙනස් කිරීම සඳහා
හිත හදාගන්න බැරිවිය.
~ වර්ණ රසිකා ගුණවර්ධන


