ශානිට ආරක්ෂාව ලබා නොදීම : දේශබන්දුට වැඩ වරදින ලකුණු !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කලක සිටම සංවේදී සහ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ අතර ඒ හේතුවෙන්ම ඒ මහතාට යම් යම් පාර්ශ්වවලින් මරණ තර්ජන ද එල්ල වී තිබිණි. මේ සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් පවා නිකුත් වී තිබුණු අතර ඒ අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ධුර කාලයේ සිට ශානි අබේසේකර මහතාට විශේෂ ආරක්ෂාවක් සහ වාහනයක් ලබාදී තිබිණි.

එහෙත් ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම 2019 නොවැම්බර් 20 වනදා ශානි අබේසේකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යැවූ අතර ඒ මහතාට ලැබී තිබුණු ආරක්ෂාව ද ඒ සමගම ඉවත් කෙරිණි. 2019 නොවැම්බර් 20 වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දී තිබුණු නමුත් කැබිනට් මණ්ඩලයක් හෝ පත්කර තිබුණේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස ඒ මහතාගේ පළමු රාජකාරිය වී තිබුණේ ශානි අබේසේකර මහතාව මාරු කිරීම ය.

මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා නඩුවක් ද ගොනුකර ඇත.

මේ අතර මෙම සිද්ධියෙන් පසු අවස්ථා දෙකකදී ශානි අබේසේකර මහතාට තර්ජනත් එල්ල විය. එහි පළමු අවස්ථාවේදී ඔහුට ලැබුණේ තර්ජනාත්මක දුරකථන ඇමතුමකි. ඔහුගේ දරුවන් පවා ඝාතනය කරන බවට එයින් තර්ජනය කර තිබිණි. දෙවැනි අවස්ථාවේදී ඔහු ගම්පහ උසාවියේ නඩුවකට පෙනී සිටීමට පැමිණෙන අවස්ථාවේදී යම් පුද්ගලයෙකු මාධ්‍ය ද කැටුවම එම ස්ථානයට පැමිණ ප්‍රසිද්ධියේම ඔහුට බැනවදිමින් තර්ජනය කළේය.

මේ තත්වය හමුවේ ශානි අබේසේකර මහතා “සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකාරියට” පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තමන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් දැනුවත් කර තිබිණි. එම පැමිණිල්ල විභාග කළ එම අධිකාරිය පොලිසියට නියෝග කර තිබුණේ ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම නියෝගය ඉදිරියට ගෙන යමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ශානි අබේසේකර මහතා පදිංචි නිවස පිහිටා ඇත්තේ බොරැල්ල කොට්ඨාසයේ බැවින් එම පොලිස් කොට්ඨාසය හරහා සුදුසු පරිදි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ය. නමුත් ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ මෙම නියෝගය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් එම උපදෙස් ලැබෙන තුරු ආරක්ෂාව ලබාදිය නොහැකි බවත් ය. මේ වනතෙක්ම ශානි අබේසේකර මහතාට ආරක්ෂාවක් ලැබී නැත.

සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා වූ පනතේ ප්‍රතිපාදන අනුව එම අධිකාරියේ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණයක් හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව වසර 02 – 07 දක්වා සිරදඬුවම් නියම කිරීමට හැකි වේ. ඒ අනුව මෙම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා මේ වනවිට එම අධිකාරිය හමුවේ පැමිණිල්ලක් ගොනු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...