ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (27 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා තිබුණේ මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.
ඒ අනුව ඊට අදාළ පියවර ගනිමින් සිටින අතර මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ස්ථාවරය වී තිබේ.
කෙසේවෙතත් ආරම්භයේ පටන්ම රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩිව සිය විරුධත්වය ප්‍රකාශ කරමින් සිටින අතර මෙම තීරණයට එරෙහිව විපක්ෂය සංවිධානය වන ආකාරයක්ද පසුගිය දිනවල දක්නට ලැබුණි.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ආණ්ඩුවේ දේශපාලනමය වුවමනාවක් බවත් එමඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙන හෙයින් ඊට එරෙහිව විපක්ෂයක් ලෙස එක්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිඛිත දැනුවත් කිරීමක්ද කර තිබුණි.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින් සමඟ සකාච්ජා පවත්වා තිබුණු අතර පසුගිය 24 වැනිදා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ද සකාච්ජාවක් පවත්වා තිබුණි.
ඊට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය.
මේ අතර ආණ්ඩුවේ මෙම යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයත් නීතිඥවරු 26,000 ක් එළඹෙන 29 වැනිදා කොළඹදී නීතිඥ සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් ද ඊයේ (26) මාවතගමදී සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවලගේ මූලිකත්වයෙන් පවත්වා තිබේ.


