ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

විවිධ රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති තානාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා කොළඹ සිටින තානාපතිවරුන් 16 දෙනෙකු එක්ව සිටින අතර නවදිල්ලි සිට තවත් තානාපතිවරුන් 06 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යෝජිත ණය සහන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හෙට (23) දිනය වනවිට ණයහිමියන්ගේ එකඟතාවය හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින අතර මේ නිසා අද පැවැත්වෙන සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...