ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) පෙරවරු 11.00ට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා,

“මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්. එවැනි මුලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ, පුළුල් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සංවාදයකින්, විනිවිඳභාවයකින් සහ නිසි ක්‍රියාපටිපාටියට අනුකූලවයි. ඒ අනුව මේ වැදගත් ජාතික කාරණාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් අද පෙරවරු 11 මෙම මහ සභා රැස්වීමට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...