පාපන්දු ක්‍රීඩාවේ ආත්මය වාණිජ භාණ්ඩයක් බවට පත්වෙලාද?

රෂිකා හෙන්නායක ජූලි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

FIFA සංවිධානය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇතුළු ප්‍රධාන තරගවලින් සියයට 20ක කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමට නව සැලසුමක් ඉදිරිපත් කර ඇත.

මෙමගින් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් වටිනා අනුබද්ධ ආයතනයක් පිහිටුවා එම මුදල් ලොව පුරා පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය සඳහා යෙදවීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත්, යුරෝපීය පාපන්දු සම්මේලනය (UEFA) ඇතුළු ක්‍රීඩා බලධාරීන් මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරන්නේ පාපන්දුව විකිණීමට ඇති භාණ්ඩයක් නොවන බව පවසමිනි.

ආයෝජන කණ්ඩායම ජොෂුවා කුෂ්නර් විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා වන අතර, මෙම මතභේදාත්මක යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සාමාජික රටවල් අතර ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

මෙම පියවර හරහා ක්‍රීඩාවේ ස්වෛරීභාවය සහ එහි මූල්‍ය පාලනය පිළිබඳව පාර්ශවකරුවන් අතර විශාල ගැටුමක් නිර්මාණය වී තිබේ.මෙම පියවර මගින් ඩොලර් බිලියන 4.2 ක ක්ෂණික ආයෝජනයක් ලබා ගැනීමට FIFA අපේක්ෂා කරයි.

මෙම දැවැන්ත මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් වන කතාබහ තවදුරටත් උණුසුම් වන්නේ එහි ප්‍රධාන ආයෝජකයා ලෙස ජොෂුවා කුෂ්නර් (Joshua Kushner) ගේ නම කියැවෙන බැවිනි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්ගේ සහෝදරයාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...