ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව ලබා දෙනවා – චීන විදේශ ඇමති

කොළඹ LNW:වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝලීය සංවර්ධන මුලපිරුම ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බෙයිජිං හි පැවති උත්සවයකට එක්වෙමින්.

වසර පහකට පෙර චීනය ඉදිරිපත් කරන ලද මෙම මුලපිරුම මගින් ගෝලීය සංවර්ධන කාර්යය ශක්තිමත් කිරීම සඳහා චීනය දායකත්වයක් ලබා දුන් බව හෙතෙම පැවසුවා. පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා යාන්ත්‍රණ ක්‍රමයෙන් වැඩිදියුණු කරගනිමින්, ප්‍රායෝගික ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු සඳහන් කළා.

වර්තමානයේ අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය තුළ මෙම මුලපිරුමෙහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද Wang Yi මහතා පෙන්වා දුන්නා.
.
රැස්වීමට එක්වූ සියලු පාර්ශ්ව පසුගිය වසර පහ තුළ ගෝලීය සංවර්ධන මුලපිරුම මගින් අත්කරගත් ප්‍රතිඵල ඉහළින් අගය කර තිබෙනවා. එමෙන් ම ඔවුන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනය ඉටු කරන නායකත්ව භූමිකාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා. එමෙන්ම චීනය සමග සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...