විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම : ආණ්ඩුවේ යෝජනාවට නීතීඥ සංගමයේ ඒකමතික විරෝධය !

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඒකමතික විරෝධය පළවී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) කැඳවා තිබූ එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාම අත් ඔසවමින් අදාළ යෝජනාවට විරෝධය පළකළ බවයි එම සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවසුවේ.

“අද දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මුළු සාමාජිකයින්ගේ රැස්වීමක් පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ සංගමයේ ඉදිරි කටයුතු අපි කොහොමද ගෙනියන්නේ කියලා තීරණය කරන්න අද දින අපේ සංගමයේ මුළු සාමාජිකයින්ට අවස්ථාව තිබුණා සම්බන්ධ වෙන්න. මේ පරිශ්‍රයේත් මාර්ගගත ක්‍රමයත් මං හිතන්නෙ නීතීඥවරුන් තුන් හාර දාහකටත් වඩා අපෙත් එක්ක අද එකතුවුණා රජයේ මේ හදිසි යෝජනාව – විනිසුරුතුමන්ලාගේ තුමියන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ හදිසි යෝජනාව ගැන කතා කරන්න. මුළු නීති ක්ෂේත්‍රයම – අපේ නීති ක්ෂේත්‍රය කියන්නෙ අපේ නීතීඥවරුත්, අපේ විනිසුරුතුමන්ලාත් අපේ සාමාජිකයෝ. මොකද එතුමන්ලාත් මුලින්ම නීතීඥවරුන් හැටියට පටන්ගත්තේ. ඇත්තටම විනිසුරුතුමන්ලාටත් හඬක් නෑ උසාවියෙන් පිටත. ඒ හඬත් සම්ප්‍රදායක් ලෙස නියෝජනය කරන්නෙ අපේ නීතීඥ සංගමය. මේ වෙලාවේ අපේ තීරණයට අනුව සියලුම දෙනා, එකෙක් නෑර මේ ආණ්ඩුවේ දූරදර්ශී නොවන මේ තීරණයට විරුද්ධයි. මම සභාපති හැටියට අපේ සභාවෙන් ඇහුවා කවුද මේකට විරුද්ධ කියලා. සියලු දෙනාම අත් ඉස්සුවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් හැටියට අපි සියලු දෙනාගේම හඬ අහන්න ඕනෙ. ඉතින් මම ඇහුවා කවුද මේකට එකඟ කියලා. එක්කෙනෙක්වත් නෑ අද මේ පරිශ්‍රයේ මේකට එකඟ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නෙ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...