ඊයේ සවසම ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ පැවැත්වී තිබේ.

ඒ අනුව ඊයේ සවස 05.00 ට අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වී ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවසුවේ,

“අද උදේ පැවති අපේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ රැස්වීමෙන් පසුව අද අපිට පළවෙනි වතාවට අවස්ථාවක් ලැබුණා අධිකරණ අමාත්‍යතුමා සමග ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරය ගැන පැහැදිලිකිරීමක් කරන්න. පැයක් තිස්සේ අපි එතුමාත් එක්ක සාකච්ඡා කළා. එතුමාට අපි ඉදිරිපත් කළා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරයත් ඇයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියන්නෙ මේ ව්‍යවස්ථා සංශෝධනය මේ වෙලාවේ නොකළ යුතුයි කියලාත්. ඒ එක්කම අපි ඉල්ලීමක් කළා ජනාධිපතිතුමාවත් හමුවීමට. එතුමා ඒ ගැනත් අතිගරු ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා, අපිව දැනුවත් කරනවා කියලා කිව්වා”

ප්‍රශ්නය – අධිකරණ ඇමතිතුමාගේ ප්‍රතිචාරය මොකක්ද ?

“එතුමාගේ ප්‍රතිචාරය වුණේ, අපි ඉදිරිපත් කරපු කරුණු ගැන අධ්‍යනය කරලා ජනාධිපතිතුමාව දැනුවත් කරනවා කියලා එතුමා අපිට කිව්වා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...