ටෙලිග්‍රෑම් වෙත එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් නීතිමය ක්‍රියාමාර්ග

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ LNW :

ඕස්ට්‍රේලියාවේ සබැඳි ආරක්ෂණ නියාමකය විසින් ටෙලිග්‍රෑම් (Telegram) ආයතනයට එරෙහිව ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වේ. ඒ, ත්‍රස්තවාදී ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී දර්ශන ඉවත් කිරීමට එම ආයතනය අපොහොසත් වීම හේතුවෙනි.

සමූහ වෙඩි තැබීම් සහ ඝාතන ඇතුළත් නීතිවිරෝධී අන්තර්ගතයන් වාර්තා කිරීමෙන් පසුවත් සති ගණනාවක් යනතුරු එම වේදිකාවෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී චෝදනා එල්ල වී ඇත.

අන්තවාදී ප්‍රචාරණයන් පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම නිසා ටෙලිග්‍රෑම් ආයතනයට ඩොලර් මිලියන 54 කට අධික දඩයකට මුහුණ දීමට සිදුවිය හැකිය.

මෙම ක්‍රියාවලිය හරහා ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන්නේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වීම වැළැක්වීම සහ සබැඳි පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

ලොව පුරා බිලියනයකට අධික පිරිසක් භාවිතා කරන මෙම සේවාව හරහා ත්‍රස්තවාදී මතවාද පැතිරීම පාලනය කිරීම මෙහි මූලික අරමුණ වේ.

මෙම නීතිමය ක්‍රියාමාර්ගය මගින් සමාජ මාධ්‍ය ජාලයන් තමන්ගේ වේදිකාවල පළවන හානිකර දේ සම්බන්ධයෙන් වගකීමෙන් බැඳී සිටිය යුතු බව අවධාරණය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...