කොළඹ LNW:තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වෙයි.
මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන හෙයින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ
මේ අතර ත්‍රීකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50–60දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
තවද මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 -2.5ක් දක්වා පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම අනතුරු ඇඟවීම් නිවේදනයත් සමඟ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ වනවිටත් එම ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටින අයට ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම තහනම නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවත් ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම් දී ඇත.


