සියලු මුදල් ඒකක අභිබවා රුපියල පෙරමුණට – ලෝකයෙන්ම තුන්වෙනි තැන

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිවේගයෙන් අවප්‍රමාණය වන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට වඩා අධිවේගෙයන් අවප්‍රමාණය වන්නේ සිම්බාබ්වේ ඩොලරය සහ කියුබන් පේසෝ මුදල් ඒකකය පමණි.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්ක් නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වේ.

මෙම වසර තුළදී සිම්බාබ්වේ ඩොලරය 73.33% කින් අවප්‍රමාණය වී ඇති අතර කියුබන් පේසෝව 57.65% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙම වසරේදී පමණක් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම 47.79% ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය සහ එහි බලපෑමෙන් සිදුව තිබෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳව මහාචාර්ය ස්ටීව් හැන්ක් අවස්ථා ගණනාවකදී විවිධ වාර්තා ඉදිරිපත් කළ අතර මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරුවක් ලබා ගැනීම සඳහා බොහෝ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ස්ටීව් හැන්ක්ගේ වාර්තා භාවිතා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...