රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ LNW :
අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා අද උදෑසන 8.00 ට එහි වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇත.
මේ හරහා විශාල ජල කඳක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ගඟ දෙපස පිහිටි පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.
විශේෂයෙන්ම ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.
සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

