ස්වෛරී බැඳුම්කර නඩුව ඉවත දමන්න – රජය නිව්යෝක් අධිකරණයෙන් ඉල්ලයි

ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇමරිකානු බැංකුවක් ගොනුකර ඇති නඩුව ඉවත දමන්නැයි ශ්‍රී ලංකාව ඇමරිකාවේ නිව්යෝක් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙම නඩුව පවරා තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙරට මහ බැංකුවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කර තිබෙනවා. ඉකුත් ජුලි මාසයේදී අදාල ස්වෛරී බැඳුම්කර කල්පිරුණු නමුත් ඇමරිකානු බැංකුව ආයෝජනය කළ මුදල සහ ඊට අදාල පොලිය ගෙවීමට මහ බැංකුව අසමත් විය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව විදෙස් රටවල් ලබාගෙන තිබෙන ණය සඳහා වන වාරික ගෙවීම සහ කල්පිරුණු බැඳුම්කර ආපසු පියවීම තාවකාලික අත්හිටුවා තිබේ.

හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව නිව්යෝක් ෆෙඩරල් උසාවියේ නඩුවක් ගොනුකළ අතර බැංකුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ කල් පිරුණු බැඳුම්කරවලට අදාල මුදල් සහ පොලිය එකවර ගෙවන ලෙසයි.

ශ්‍රී ලංකා බළධාරීන් නිව්යෝක් ෆෙඩරල් අධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින රාජ්‍යයකට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි. සියලු ණය ගෙවීම් අත්හිටුවා තිබියදී එක් පාර්ශ්වයක් පමණක් මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා ඔවුන් අනෙකුත් ණයහිමියන්ට වඩා විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු වන්නේ යැයි පෙනී යන බැවින් මෙම නඩුව ඉවත දමන ලෙස ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...