මගේ බබාට දැන් තාත්තලා ගොඩායි – ඩයනා කියයි

Date:

අපනයනය සඳහා කංසා වගාව නීතිගත කිරීමේ යෝජනාව, මීට කලකට පෙරම දේශපාලන කරළියට ගෙන ආවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසිනි. මේ වනවිට තවත් බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් කතාබහ කරනු දක්නට ලැබේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද පසුගියදා මෙම යෝජනාව තමන්ගේ එකක් මෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වනු දක්නට ලැබිණි.

ඒ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය තමන් අසල සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග කියා ඇත්තේ “බලන්න ඇමතිතුමා දැන් මගේ බබාට තාත්තලා ගොඩායි. ඒකට කමක් නෑ, කවුරුහරි එකතු වෙලා මේ වැඩේ හරියට හදාගන්නවා නම් ලංකාවට සෑහෙන වැඩක් කරගන්න පුළුවන්” යනුවෙනි.

එය අවට සිටි මන්ත්‍රීවරුන්ට ද ඇසී තිබුණු අතර ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “ඔය නයිට් ලයිෆ් වැඩිදියුණු කරන යෝජනාවත් මගේ බබෙක් තමයි. ඒකටත් කවුරුහරි එකතුවෙලා වැඩේ සාර්ථක කරගන්නවා නම් ලොකු දෙයක්. මට ඕවායේ ක්‍රෙඩිට් අවශ්‍ය නෑ, මට ඕනෙ කොහොමහරි මේ දේවල් මේ රටේ ක්‍රියාත්මක වෙලා මේ රට ගොඩයනවා දකින්නයි” කියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...