ට්‍රම්ප් රහසිගතව සිය ගුවන් යානය වෙනස් කළේ ඇයි?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කියේ පැවැත්වූ නේටෝ සමුළුවෙන් පසු ඉරානයෙන් එල්ල විය හැකි ඝාතන තර්ජනයක් හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රහසිගතව සිය ගුවන් යානය වෙනස් කළ බව අනාවරණය වේ.

ආරක්ෂක අංශවල උපදෙස් මත ඔහු රහසිගතව හමුදා යානයකට මාරු වී ඇති අතර, ඒ සඳහා ආහාර ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් උපයෝගී කරගෙන තිබේ.

තමා ගමන් කළ විකල්ප යානය වඩාත් අවදානම් සහගත වූ බව ට්‍රම්ප් පසුව ප්‍රකාශ කළද, එම අවස්ථාවේදී ඔහුගේ සහායකයින් සහ මාධ්‍යවේදීන් එයාර් ෆෝස් වන් යානයේම රැඳී සිට ඇත.

මෙම රහසිගත මෙහෙයුම පිළිබඳ තොරතුරු මාසයකට පමණ පසු වොෂින්ටන් පෝස්ට් පුවත්පත මගින් මුල්වරට හෙළිදරව් කරන ලදී.

මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ විදේශීය බලපෑම් හමුවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දැඩි අවශ්‍යතාවයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...