කොළඹ LNW:22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික කරගෙන අද (12) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාව සාර්ථක බවත් එම සාකච්ඡාවෙන් පසු රජයේ තීරණයේ වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේය.
සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි ඔහු කියා සිටියේ.
”අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා. මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා.
අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා. ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම. අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. අපි හමුවුණේ අතිගරු ජනාධිපතිතුමා. එතුමත් පරිණත නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අවුරුදු ගාණක් සටන් කරලා තියෙනවා. මම හිතන්නේ පාරටත් බැහැලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා” යනුවෙන් රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.


