ඉරාන යුද්ධය හා එල් නිනෝව හේතුවෙන් පැනමා ඇළේ ගාස්තු ඩොලර් මිලියන 4 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග ප්‍රධාන නාවික මාර්ගවල ගමනාගමනය අඩාල වීම හා එල් නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් පැනමා ඇළේ ජල මට්ටම පහළ යාමත් සමඟ පැනමා ඇළ හරහා ගමන් කිරීමේ පිරිවැය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පැනමා ඇළ හරහා ගමන් කිරීමට බලා සිටින නෞකා සඳහා මේ වනවිට දින 10කට ආසන්න පෝලිමක් නිර්මාණය වී ඇති අතර, එය මැයි මාසයෙන් පසු වාර්තා වූ විශාලතම පෝලිම බව වාර්තා වේ.

පෝලිම මඟහැර ඉක්මනින් ඇළ හරහා ගමන් කිරීම සඳහා පැවැත්වෙන වෙන්දේසියකදී Seaspan Benefactor නම් බහාලුම් නෞකාවක් ඩොලර් මිලියන 4කට ආසන්න මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ. එය පසුගිය දින හතේ සාමාන්‍ය ලංසු මුදල මෙන් දෙගුණයකටත් වැඩිය.

මේ අතර, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් පැනමා ඇළට ජලය සපයන Gatun Lake හි ජල මට්ටම පහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් විශාල නෞකාවලට ගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති අතර, ඉදිරියේදී තවත් ගමනාගමන සීමා පැනවීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පවතී.

ඉරාන යුද්ධය හේතුවෙන් Hormuz සමුද්‍ර සන්ධිය සහ Bab al-Mandab වැනි මාර්ගවලින් නෞකා ඈත් වීමත් සමඟ පැනමා ඇළට ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ප්‍රධාන සැපයුම් දාමයන්ට සහ භාණ්ඩ ප්‍රවාහන වියදම්වලට නව පීඩනයක් එල්ල වී ඇත.

යුද්ධය සහ දේශගුණික විපර්යාස එකවර ලෝක වෙළඳාමේ ප්‍රධාන නාවික මාර්ගයකට බලපෑම එල්ල කිරීම, ගෝලීය සැපයුම් දාමය කෙතරම් අවදානම් සහගතද යන්න යළිත් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...