සටහන – රුවන් නෙළුගොල්ල
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ගෙන එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් සාමාන්‍ය ජනතාව අතර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“සාමාන්‍ය ජනතාව අතර මේ සාකච්ඡාව නැහැ. මේ සාකච්ඡාව තියෙන්නෙ එක්තරා නීතීඥ ප්‍රජාවක් ඇතුළු ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ අය අතර. විවිධ විද්වතුන්ගේත් අදහස් තියෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව මේක ක්‍රියාත්මක කරන්න”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


