ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පළකර ඇති පසුබිමක ගැසට් නිවේදනයේ සඳහන් පරිදි දින 14 ඉක්මවූ පසු විෂය භාර අමාත්‍යවරයා විසින් එහි දීර්ඝ නාමය කියවීම සිදුවන අතර කතානායකවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
අනතුරුව දින 14ක් තුළ පනත් කෙටුම්පතේ යම් සෙසු ව්‍යවස්ථා සමඟ ඝට්ටනයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව හිමිවන අතර දින 3ත් 21ත් අතර කාලය තුළ කථානායකවරයා වෙතත්, ජනාධිපතිවරයා වෙතත් අර්ථනිරුපණය ලබා දිය යුතු වෙයි.
පසුව කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටින අතර නොපැමිණි මන්ත්‍රීවරුන්ද සමඟ තුනෙන් දෙකේ ජන්දයෙන් සම්මත කරන්නේද නැතහොත් ජනමත විචාරණයකට යා යුතු වන්නේද යන්න තීරණය දැනුම් දෙන බව ප්‍රතිභා මහානාමහේවා මහතා කියාසිටියි.
ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාව මතුවන්නේ නම් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සපුරා තිබේ.
අනතුරුව දෙවන වර විවාදය පත්වෙන අතර කාරක සභා වෙත යොමු වීමෙන් පසු තෙවන වර කියවීමෙන් පසු සම්මත වීමෙන් පසු කතානායකවරයාගේ අත්සන දීමෙන් පසු නීතියක් බවට පත්වීම සිදුවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියාසිටියි.


