මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බසික්ට එරෙහිව පැය 72ක රඳවා ගැනීමේ නියෝගයක්..

රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති 48 හැවිරිදි ශිරාන් බාසික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් පැය 72ක රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි, දෙහිවල පදිංචිකරුවෙකු වන බාසික් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) දිනයේදී ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම, ගිනි අවි සහ අන්තරායකර ආයුධ ළඟ තබා ගැනීම මෙන්ම නීතිවිරෝධී ලෙස එක්රැස්වීම යන චෝදනා රැසක් මෙම සැකකරුට එරෙහිව පවතින බව පොලිසිය සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙන්ම දෙහිවල සහ මිරිහාන පොලිස් ස්ථාන ද විමර්ශන සිදු කරමින් පවතී.

කළුතර සහ දෙහිවල පොලිස් ස්ථාන මගින් විමර්ශනය කෙරෙන ගිනි අවි සම්බන්ධ අපරාධවලට අදාළව ද ඔහු අවශ්‍යව සිටින අතර, අන්තරායකර ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විමර්ශන සිදු කරයි.

මීට අමතරව, හානියක් සිදු වන පරිදි නීතිවිරෝධී ලෙස එක්රැස්වීම සම්බන්ධ චෝදනාවක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කරමින් පවතින බව ද පොලිසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...