සටහන – රුවන් නෙළුගොල්ල
ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට පොලීසිය සැකකරයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
හුළුදාගොඩ පටුමග ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.


