​ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට ඔස්ට්‍රේලියානු ආයෝජන සහ ව්‍යවසායක සහයෝගීතාව දිනාගැනීමේ ‘Sri Lankan Entrepreneurs’ Night 2026’ සාර්ථකව මෙල්බර්න්හිදී පැවැත්වේ…

​

රෂිකා හෙන්නායක අගෝස්තු 16 , කොළඹ LNW :

​ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආර්ථික, වෙළෙඳ සහ ව්‍යවසායකත්ව සබඳතා නව මානයකට ඔසවා තබමින් ‘Australia Sri Lanka Business Forum’ (ASLBF) මගින් සංවිධානය කළ ‘Sri Lankan Entrepreneurs’ Night 2026’ ව්‍යවසායක හමුව ඊයේ (15) දින මෙල්බර්න් නුවර The Grandeur හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

​මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන දේශකයා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ අතර, රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජයගනිමින් නව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම සහ විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට ඒ සඳහා එක්විය හැකි පුළුල් අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. දූෂණයෙන් තොර, ආයෝජන හිතකාමී සහ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, මවුබිමේ පුනරුදය වෙනුවෙන් ආයෝජනය කිරීමට සියලු ව්‍යවසායකයින්ට රජය විවෘතව ඇරයුම් කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

​මෙම ව්‍යවසායක සමුළුව සඳහා මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා ද සේරම් මහත්මිය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා මහත්මිය (Ms. Cassandra), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින් සහ විදේශගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

​මෙහිදී ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර අතර නව ව්‍යාපාරික සබඳතා ඇති කරගැනීම, අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සහ මෙරට සෘජු ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඵලදායී සාකච්ඡා රැසක් පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...