රටේ නම තියන ගහේ කටු

Date:

ශ්‍රී ලංකාවේ හලාවතින් බිංගිරය දෙසට වෙන්නට හිටපු ක්‍රීඩා කරපු ඒ වගේම ක්‍රීඩාවෙන් තමන්ගේ පුත්තුන්ව ජයග්‍රහණ කරා ගෙන යන්න උනන්දු තාත්තා කෙනෙක් හිටියා.එයා තනිව හදාරපු ක්‍රීඩාව ගැන දැණුමක් තියෙන කෙනෙක්.ඔහු පුතාල දෙන්න විතරක් නෙමෙයි ඒ අවට තිබුණ බොහෝ පාසල්වල දරු දැරියන්ටත් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පාර ඇරලා දුන්න තාත්තා කෙනෙක්.ඒ නිසා සලාපුරයේ ඉදල බිංගිරිය ඉක්මවා යනකම් රංජිත් පෙරේරා කියන්නෙ ක්‍රීඩාවට විශාල සේවයක් කරපු ඇගයීම්,සම්මාන නොලබපු හරියට පිළිම නෙලුවෙ නැති විරුවෙක් වගේ මනුස්සෙයක්.
මේ පුතාලගේ ලොකු පුතා සහ පොඩි පුතා අතර ලොකු දිග වයස් පරතරයක් තියෙනවා.ඒ නිසා ලොකු පුතාගේ පාපැදි දස්කම් වර්ථමාන පරපුරට ස්පර්හ වෙලා තියෙන්නෙ අඩුවෙන්.මහී රංග පෙරේරා ම් වූ ඔහු ස්ටෑන්ඩර්ඩ් පාපැදියෙ රටේ නම ගිය තරගකරුවෙක්ව හිටිය කෙනෙක්.හැබැයි ඔහුව වැඩි දෙනෙක් දැනගෙන හිටියේ පෙරේරා යන ආමන්ත්‍රණයෙන් තොරව මහී රංග ලෙසයි.ලංකා සවාරිය වැනි තරගවලදිත් ඉහළින් නම කියවුණු කෙනෙක්.ඊට පස්සෙ ආපු පුතානම් සමහර විට ඔබට මතක ඇති.ඔහු ජාතික මට්ටම දක්වාම වගෙ විශේෂයෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ගත්තම විසී කිරීමේ ඉසව්වවලදි කැපී පෙණුන ඔෂාන් පෙරේරා.ඔහු වඩාත්ම අවධානය දිනා ගත්තෙ යගුලිය ඉසව්වෙන්.

මේ සටහනේ ශිර්ෂයට පාදක වන පෙරේරා ඔෂේන් පෙරේරා.ඔහු කැපි පෙනෙන්නෙ නිදහස් සටන් කරුවෙක් විදිහට.සැප්තැම්බර් 25 වන දා සිඩ්නි නුවර කැම්පයිස් කියන නගරෙ ඔරියන් ෆන්ෂන් සෙන්ටර් කියන ස්ථානයකට දහස් ගණනක් රැස් වෙලා හිටියෙ ඔෂේන් පෙරේරාට වගේම ඔහු සමඟ තරග වැදුණු කස්ට්‍රෝ සලීම් ට දිරි දෙන්න.මේ විවෘත සටන හඳුන්වන්නේ MMA , mix marshal art හැටියටයි.ප්‍රතිවාදියාට මිශ්‍ර සටන් ක්‍රම වලින් පරාජය කරන්න ලැබෙන ඒ අභියෝගය ජය ගන්නට ඔෂේන් සමත්වීම මේ මොහොතෙ ඉතාමත් වටිනා දෙයක්.
ලංකාව ගැන කන්න නැතුව මන්ද පෝෂණය ගැන කතා ඇහෙන වෙලාවක,ඔස්ට්‍රේලියන් ක්‍රිකට් කන්ඩායමට ඩොලර් කිහිපයක් අරං ආවට “අනේ ස්තූතියි” කියන්න ටී ෂර්ට් ඇදගෙන බැනර් දාලා සුබ පතමු රටක.ඕස්ට්‍රේලියාවෙම සිඩ්නි නුවරම ලංකාවෙ කොල්ලෙක් විවෘත සටන්කරුවෙක් විදිහට සටන් වඳිනවා කියන එක මේ වෙලාවෙ ටිකක් වෙනස් කතාවක්.අත පාගෙන ම ඉන්න පාළකයන් දිහා බලාගෙන හැංගෙන්න බලන රටක කොල්ලෙක් ලෝකෙම අවදි කරන්න සමත් වෙන්න පුළුවන් විනාඩි කිහිපයකින් රටට ගෙනාපු කීර්තිය තමයි මේ සමඟ වෙන වීඩියෝවේ තියෙන්නෙ.

සීයලා,අප්පලා.බාප්පලා වගේ හිතේ හයියය් ඇඟේ හයියයි තියෙන ඔෂේන්ට එම ජයග්‍රහණය වෙනුවෙන් අපි සුබ පතනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...