ලංකාව සහ ක්වීන්ස්ලන්තය අතර දිගුකාලීන ආයෝජන හා ව්‍යාපාරික සහයෝගීතාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW :

​ශ්‍රී ලංකාවේ නව කාර්මික සහ ආයෝජන අවස්ථා පිළිබඳව ක්වීන්ස්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ ‘Sri Lanka Industries & Investment Forum 2026’ බ්‍රිස්බේන්හිදී අද සාර්ථකව පැවැත්විණි.

​ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය අතර කාර්මික, වෙළෙඳ, අපනයන සහ සෘජු ආයෝජන සබඳතා නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කළ ‘Sri Lanka Industries & Investment Forum 2026 – Brisbane’ ආයෝජක සහ ව්‍යවසායක සමුළුව අද (16) දින බ්‍රිස්බේන් නුවර Park Regis හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

​‘Discover a New Sri Lanka’ තේමාව යටතේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන නව ආර්ථික හා කාර්මික පරිවර්තනය, ආයෝජන දිරිගැන්වීම් සහ තිරසර වර්ධනය උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ව්‍යාපාරික කටයුතු පහසු කිරීම, විනිවිදභාවය තහවුරු කිරීම සහ ගෝලීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය දක්වන කැපවීම මෙහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

​මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, දෙරට අතර අපනයන අවස්ථා පුළුල් කරගැනීම, නව වෙළෙඳපොළ සබඳතා ගොඩනැගීම සහ ක්වීන්ස්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවට මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය සමග එක්විය හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

​ඔස්ට්‍රේලියාවේ ආයෝජකයින්, අපනයනකරුවන්, ව්‍යවසායකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාව සහ ක්වීන්ස්ලන්තය අතර දිගුකාලීන ආයෝජන හා ව්‍යාපාරික සහයෝගීතාවන් ඇති කරගැනීම පිළිබඳව ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් සිදු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...