ලබන සැප්තැම්බර් මාසයේදී අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන ආණ්ඩු විරෝධී රැස්වීම් මාලාවක් ආරම්භ කර එය රට පුරා ගෙනයාමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සැප්තැම්බර් 22 සහ 23 යන දින දෙකේ අනුරාධපුරයේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සජබ තීරණය කර ඇති බව සඳහන්.
වී අලෙවි කිරීමේ ගැටලු ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපාන හේතු ගණනාවක් නිසා මේ වනවිට ගොවි ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල ආණ්ඩු විරෝධයක් ඇවිළෙමින් පවතින අතර එම විරෝධය මහපාරට ගෙන ඒම මෙහි අරමුණ වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේදී දැවැන්ත ගොවි සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී.


