ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: කිසියම් හෝ කෙනෙක් වැරදි කර ඇත්නම් හිරේ යා යුතු බවත් හිර ගෙවල්වලට දැමීම නිසා පක්ෂ එකතු විය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
”හිර ගෙවල්වලට දානවා නම පක්ෂ එකතු වෙන්න ඕනේ නෑ. වැරදි කරලා තියෙනවා නම් හිරේ යන්න ඕනේ. වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. මට නඩු තියෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් උසාවියේදී ඔප්පු වෙලා තියෙනවා නම් ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙගොලන්ට තියෙන්නේ අධිකරණය, බ්‍රයිබරි එක, CID එක විතරයි.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.


