යෝෂිතට හා කරන්නාගොඩට අධි චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අද (20) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (20) අධිචෝදනා පත්‍ර භාර දීම සිදුව තිබේ.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2006 වසරේ සැප්තැම්බර් මස 01 වන දා සහ 2007 වසරේ ජූනි මස 08 වන දා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ වෙත අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කර ඇතැයි හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 08කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...